සංසාරය
හිරු මිය ඇදෙයි
ගිනියම්ව
මිලින වී මල් පොකුරු
සඳ නැගෙයි මැදියමේ
තුෂර බිදු දමා මිහිමත...........
උදාවෙයි හෙට දිනක්
නැගී යළි හිරුකුමරැ
ඉදින් නුඹ සිතනු මැන
කොහිද ? මෙහි නැවතුමක්...............
පියෙකුගේ අහින්සක සිතුවිලි
දහසක් දුක් හදවතෙහි
දරා ගෙන
දිරා හැලෙන පිලි
ගතෙහි රුවාගෙන
සහසක් මිනිසුන්
නිතර ඇදීඑන
මාවත අයිනේ
පියෙකි සිඟාලන..........
දූවිල්ලට අඩවන් නෙත පියවා
පෑවිල්ලට හිස මත අත තැබුවා
සැනසිල්ලට බුදුරුව දෙස බැලුවි
නැගුණු කඳුලු කැට කලු ගඟ දුටුවා.............
තම දූ දරුවන්ගේ කෙනෙහෙලිකම් මැද මහපාරේ සිඟාලන පියෙක් තම වේදනාව සිතුවිල්ලකින් කියා දුක තුනීකරගනී.